යතුරුපැදි අනතුරකින් 14 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

වඩමාරච්චි, කොට්ටාවත ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 14ක බාලවයස්කරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (25) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වඩමාරච්චි, කොට්ටාවතම් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් වන අතර තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 21ක තරුණයෙක්.

වංගු සහිත ස්ථානයක දී අධික වේගයෙන් පැමිණ ඇති යතුරුපැදිය ටිපර් රථයේ ගැටී ඇති බවත්, අනතුර සිදුවීමත් සමඟ වයස අවුරුදු 14ක පාසල් සිසුවා ද සමඟ යතුරුපැදිය ගිනි ගැනීමකට ලක්ව ඇති බවත් පොලිසිය පැවසුවා.

වැල්වැට්ටිතුරේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
13
+1
9
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුව එජාපයෙන් ඉවත්කරයි..?
01:38
Video thumbnail
වත්තල මුළු ගමක් පාරට බහියි..මාලිමා කැබිනට් ඇමතිත් උද්ඝෝෂණයට එයි..මේක මහ විහිළුවක්
04:53
Video thumbnail
යෝෂිත රාජපක්ෂව උසාවියට රැගෙන ආ හැටි
00:35
Video thumbnail
ලක්ෂ ගාණක් දරුවෝ පාසලෙන් අතුරුදන් වෙලා - ස්කිප් කරන්න කලින් හිතන්න..හෙට මෙක ඛේදවාචකයක්
03:02
Video thumbnail
ආශුව UNPයෙන් ඉවත්කරයි..? ආශු කිව්ව දේ මෙන්න
02:00
Video thumbnail
ශ්‍රී මහා බෝධින් වහන්සේගේ මුල්වලට කිසි හානියක් නෑ..වැඩ ඉන්නේ අඩි 15ක් උඩින්..
05:30
Video thumbnail
යෝෂිත උසාවියට - හිනාවෙලා යන්නේ
01:09
Video thumbnail
මනෝජ් හැමෝම ඉස්සරහා හෙළිකරපු රහස - ස##න්ගේ මල්ලිට පඩි ගෙවලා තියෙන්නේ CID එකෙන්
09:48
Video thumbnail
බැසිල් අසනීප වෙලා ඉන්නේ - හොඳ වුණාම අධිකරණයට එයි
05:39
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන කාදිනල්තුමා කළින්ම දැනගෙන සිටියේ නෑ
10:27