මේ ලෝකයෙන් මම යන්න යනවා. මට කවුරුත්ම නෑ. මම තනිවෙලා

මීට වසර දෙකකට පමණ ඉහතදී පැවදි වු සාමණේර හිමිනමක් තම මව සමඟ ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් සිත් පීඩාවට පත්වී ගෙල සිරකරගෙන සියදිවි නසාගෙන තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේයි. හිමිනම පිරිවෙන් අධ්‍යාපනය ලබාගැනීමට අනුරාධපුර පොලිස් වසමේ පහළගම, මහබුලංකුලම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට වැඩම කර තිබේ. 

අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා නිගමනය කලේ 15 හැවිරිදි සාමණේර හිමිනමක් දිවි තොරකරගෙන තිබෙන අතර පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට නොහැකි බවත් උපවැදිවීමට අවශ්‍ය බවත් කියමින් මව සමඟ නිරන්තරයෙන් ඇති වී තිබූ ආරවුලක් නිසා දිවිතොර කරගැනීම සිදුකරගෙන තිබෙන බවයි. අවස්ථා කිහිපයකදීම විහාරස්ථානයේ ආවතේවකරුගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන හසලක පදිංචි මවට ඇමතුම් ලබාදෙමින් පැමිණ තමන්ව නිවෙසට රැගෙන යන ලෙසත් මහනදම් පිරිය නොහැකි බවත් සාමණේර හිමියන් පවසා තිබේ.

දුප්පත් කම නිසා මව විසින් සාමණේර හිමිනමගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපනය ලබනා ලෙස ඉල්ලා තිබේ. පසුගියදා (4දා) රාත්‍රියේ විහාරස්ථාන භූමියේ පිහිටි මයිල ගසක නයිලෝන් ලණුවක ආධාරයෙන් එල්ලී උන්වහන්සේ සියදිවි නසාගෙන තිබෙන බව පැවැති පරීක්ෂණවලින් අනාවරණය විය. සාමණේර හිමියන් එල්ලී සිටින අයුරු දැක විහාරස්ථානයේ සෙසු ස්වාමීන්වහන්සේලා විසින් ලණුව  කපා උන්වහන්සේව ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇතත් දිවි බේරාගැනීමට නොහැකිවී තිබේ.

“මේ ලෝකයෙන් මම යන්න යනවා. මට කවුරුත්ම නෑ. මම තනිවෙලා ගෙදර යන එක මට සැබෑකර ගන්න බැරිවුණා. අම්මා ගෙදර එන්න එපා කියනවා. මට හිතුණ දේ මම කරගත්තා” යැයි කියමින් හිමිනම දිවිතොරකර ගෙන තිබිණි. 

ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා උන්වහන්සේ භාවිත කළ පොත්පත් නිරීක්ෂණය කර ලිපිය උන්වහන්සේම ලියූ එකක් බව තහවුරු කරගෙන මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40