මේ රට අගාධයට පත්කල පුද්ගලයින් ගැන රාජපක්‍ෂගෙන් හෙලිදරව්වක්

මෙරට ආර්ථිකය බිඳ දමා රට ඉතා අසීරුතාවයට පත්කර රජයත් ජනතාවත් දුෂ්කරතාවට පත් කළේ මෙරට උසස් තනතුරු දරමින් සිටි නිලධාරීන් කීපදෙනකු බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්‍ෂ පැවසයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,රටේ ආර්ථිකය බිඳවැටෙන උපදෙස් ජනාධිපතිවරයාට ලබාදුන් ප්‍රමුඛ නිලධාරීන් අතර පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු වූ බව ගුණතිලක රාජපක්‍ෂ පැවසීය.මෙමගින් සිදු වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තනතුර අතහැර දමා පිටවී යෑමට බවත් රටේ ආර්ථිකය පිළිබඳ වැරදි තොරතුරු හා තත්ත්වය මෙම නිලධාරීන් විසින් සපයන ලද බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තම ධුරය කල් තියාම අතහැර දැමීමට සිදුවූ බවද හෙතෙම පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?