AFC Banner
AFC Banner
Empty Ad

මෙරට මුහුදු කලාපයට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 18ක් කොටුවෙයි

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 18ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ දී මෙම විශේෂ මෙහෙයුම සිදු කළ බවයි.

මෙම සැකකාර ඉන්දීය ධීවරයින් 18 දෙනා රැගත් යාත්‍රාව ඉන්දීය සීමාවෙන් එපිටට ශ්‍රී ලංකා මුහුදු කලාපයේ සැතපුම් 30ක් පමණ ඉදිරියට එමින් සිටියදියි අත්අඩංගුවට ගැනුණේ.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, උතුරු කලාප ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?