spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයෙකුව අත්අඩංගුවට

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම – පළතුරු ගම්මානයේ පදිංචිව සිටින පුද්ගලයෙක්.

ලද තොරතුරක් අනුව ඉකුත් 01 වෙනිදා නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු මෙම ගිනි අවිය ළග තබා ගැනීමට හේතුව හෝ එය ළග තබා ගෙන කුමක් කර තිබේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?