මෙරට කාලගුණයේ හදිසි අවදානම් තත්ත්වයක්

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවනවා. ඌව පළාතේත් අම්පාර මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි. මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාවක් ද පවතිනවා. මේ පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම්දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41