ඉදිරියේ දී පැමිණීමට නියමිත නීති ප්රඥප්තිවලින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට ඉතා හොඳින් නීති ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
අරලගංවිල පොලිස් විද්‍යාලයේ අද (22) පැවති විසිරයාමේ උත්සයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.
මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා පැවසුවේ රිය ධාවනය කරන රියදුරන්ගෙන් 20% – 30%ත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන බවට සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ යම් යම් අපරාධවලට සම්බන්ධවන පොලිස් නිලධාරීන්ට ද කිසිඳු විශේෂත්වයක් නොකර පවතින නීති රාමුව තුළ කටයුතු කරන බවයි.
මේ අතර මෙම ශතවර්ෂයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන ලෙස පොලිසියට නව නිල ඇඳුමක් මේ වනවිට සකස් කරමින් පවතින බවත් ඔහු මෙහිදී අදහස් දක්වමින් පැවසුවා.
