Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෙම වසර අවසන් වීමට පෙර වතුකරයේ පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක්

වතු ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා ඉන්දීය සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ස්මාර්ට් පන්ති කාමර 60ක ව්‍යාපෘතිය මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඊට අදාළ අවසන් අනුමැතිය සතියක් හෝ දින දහයක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වය එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් සහ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අතර ඊයේ (19) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් වුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත යුතු අනුමැතිය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව රොෂ්නි තොම්සන් මෙහිදී ප්‍රකාශ කළා.