AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ නනා හිටිය විදේශිකයා මුහුදට බිලි

හික්කඩුව නාරිගම මුහුදු තීරයේ අද (17) සවස දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

අද සවස 4.40ට පමණ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා දිය නාමින් සිටියදීයි දියේ ගිලී ඇත්තේ.

පසුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරියෙකු විසින් විදේශිකයා ව ගොඩට ගෙන සුවසැරිය ගිලන් රථයක් මගින් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

මෘතදේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?