මුකේෂ් අම්බානිට මරණ තර්ජන

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාවන මුකේෂ් අම්බානිට මරණ තර්ජන එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය රුපියල් කෝටි 20ක් ලබා නොදුන්නොත් තමන්ව ඝාතනය කරන බවට විද්‍යුත් තැපැල් පණිවුඩයකින් අම්බානිට මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

“ඔබ අපට රුපියල් කෝටි විස්සක් නොදුන්නොත් අපි ඔබව මරනවා. අපට ඉන්දියාවේ හොඳම වෙඩික්කරුවන් සිටිනවා,” අදාළ ඊමේල් පණිවුඩයේ සඳහන්.

ඔක්තෝබර් 27 වැනි දින ෂඩාබ් ඛාන් නැමැත්තෙකු විසින් මෙම තර්ජනාත්මක පණිවුඩය යොමුකර ඇති අතර, ඒ සමඟ මුකේෂ් අම්බානිගේ ආරක්ෂකයින් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

කෙසේ වෙතත් මුකේෂ් අම්බානිට මරණ තර්ජන එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ද ඔහුට විවිධ ආකාරයෙන් තර්ජන සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊට ආසන්නතම සිදුවීම ලෙස 2021 වසරේ දී දකුණු මුම්බායි හි අම්බානිගේ නිවස අසලින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ SUV රථයක් සොයාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..නාමල් කුපිත වෙයි
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55


?