spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුකේෂ් අම්බානිට මරණ තර්ජන

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාවන මුකේෂ් අම්බානිට මරණ තර්ජන එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය රුපියල් කෝටි 20ක් ලබා නොදුන්නොත් තමන්ව ඝාතනය කරන බවට විද්‍යුත් තැපැල් පණිවුඩයකින් අම්බානිට මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

“ඔබ අපට රුපියල් කෝටි විස්සක් නොදුන්නොත් අපි ඔබව මරනවා. අපට ඉන්දියාවේ හොඳම වෙඩික්කරුවන් සිටිනවා,” අදාළ ඊමේල් පණිවුඩයේ සඳහන්.

ඔක්තෝබර් 27 වැනි දින ෂඩාබ් ඛාන් නැමැත්තෙකු විසින් මෙම තර්ජනාත්මක පණිවුඩය යොමුකර ඇති අතර, ඒ සමඟ මුකේෂ් අම්බානිගේ ආරක්ෂකයින් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

කෙසේ වෙතත් මුකේෂ් අම්බානිට මරණ තර්ජන එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ද ඔහුට විවිධ ආකාරයෙන් තර්ජන සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊට ආසන්නතම සිදුවීම ලෙස 2021 වසරේ දී දකුණු මුම්බායි හි අම්බානිගේ නිවස අසලින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ SUV රථයක් සොයාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?