මිලියන 76 ක වියදමින් ඉදිකෙරුණු “දියත් මඟ” බේරුවල දී විවෘත කෙරේ

මෙරට ධීවර කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිකෙරෙනු බහු දින ධීවර යාත්‍රා දියත් මඟ, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් අද (11) උදෑසන බේරුවලදී විවෘත වුණා.

මේ සඳහා එම අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 76 වියදමක් දරා තිබෙනවා.

විශේෂයෙන්ම මෙරට බහු දින ධීවර යාත්‍රා නිෂ්පාදනය ඉලක්ක කර ගනිමින් මෙරට අපනයන ආදායම් ඉහල නැංවීමේ අරමුණ ඇතිව මෙරටදී නිෂ්පාදනය කරනු ලබන බහු දින ධීවර යාත්‍රා මෙන්ම අනිකුත් ධීවර යාත්‍රා කිසිදු හානියකින් තොරව මුහුදට දියත් කිරීම සඳහා මෙම ‘දියත් මග ඔස්සේ’ ඉදිරියේදී කටයුතු කෙරෙනවා. ⁣

මෙම අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40