මිචල් ස්ටාර්ක්ගේ නම ඉදිරියේ අමිහිරි එක්දින වාර්තාවක් (වීඩියෝ)

ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී රැස්කළ ලකුණු 62ත් සමඟ ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (27) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 186ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට එංගලන්තය සමත් වුණා.

මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 02-02ක් ලෙස සම තත්ත්වයට රැගෙන එන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

2018 වසරේ දී ට්‍රෙන්ට් බ්‍රිජ්හිදී ලැබූ ලකුණු 242ක දැවැන්ත ජයග්‍රහණයෙන් පසු එක්දින තරගයක දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව පරාජය කළ දෙවන විශාලතම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර එක්දින තරගයක දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් පන්දු වාරයක දී ලබාදුන් ඉහළම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිචල් ස්ටාර්ක්ගේ නම ඉදිරියේ ලියවුණා.

එංගලන්ත ඉනිමේ 39 වන පන්දුවාරය යැවූ මිචල් ස්ටාර්ක් එම පන්දුවාරය තුළ ලකුණු 28ක් ප්‍රතිවාදී එංගලන්තයට ලබා දුන්නා.

මිචල් ස්ටාර්ක් යැවූ එම පන්දුවාරයට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන් හයේ පහර 04ක් සහ හතරේ පහරක් සමඟ (6,0,6,6,6,4) මෙම ලකුණු 28 රැස් කළා.

මේ අතර මෙම තරගයේ දී මිචල් ස්ටාර්ක් පන්දුවාර 08ක් යවා ලකුණු 70ක් ප්‍රතිවාදී එංගලන්තය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?