AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණයක් වෙනුවෙන් හර්තාල් ව්‍යාපාරයක්

අසීමිත බදු බර, අධික බඩුමිල හා විදුලි බිලට මෙන්ම ආණ්ඩුවේ මර්ධනයට හා අනිත්‍ය ඡන්දය කල් දැමීමට එරෙහි ජන බල විරෝධය දැක්වීම සඳහා අද පස්වරුවේදී ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ පා ගමනක් අනුරාධපුර නගරයේ දී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණ පාගමන අනුරාධපුර – ඩී. එස්. සේනානායක වටරවුම් අසල සිට උද්ඝෝෂණ පා ගමනකින් නව බස් නැවතුම්පල දක්වා ගමන් කර එහිදී ජන හමුවක් පැවැත්විය.

මෙම උද්ඝෝෂණ පාගමන ජාතික ජන බලවේගයෙ කේ.ඩි. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ හා නාමල් කරුණාරත්න යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම ජන හමුව අමතමින් ජාතික ජන බලවේගයේ නායකයින් කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරමින් මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ කටයුතු නොකරන්නේ නම් සියලුම ජනතාවම එක්ව හර්තාල් විරෝධතාවයක් සිදුකල යුතු බවත් ඒ සඳහා රටම සූදානම් කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?