මාලිමාවේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සංවිධානය කරනු ලබන ”අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජනරැලි මාලාවේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අද (18) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම කාන්තා සමුළුව අද (18) පෙරවරු 9.30ට බදුල්ල සේනානායක පිටියේ දී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම ජනරැලි මාලාවේ අවසන් වරට පැවති ජනරැලිය කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නිකවැරටිය සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවල දී පසුගිය සතියේ ඉරිදා පැවැත් වුණා.