මාරවිල කාන්තාවකට හදි කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

මාරවිල මරඳ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් චූදිතයින් දෙදෙනකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇතැයි මාරවිල පොලිසිය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බංගදෙණිය හා පල්ලම ප්‍රදේශවල පදිංචි වයස් අවුරුදු 26 හා 33 වූ පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පොලිස් විමර්ශනවලට අනුව, ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ වැසිකිළිවලක එම යතුරුපැදිය තැන්පත් කර තිබූ අතර, පසුව එය පොලිසිය සොයාගෙන ඇත.

ඉකුත් 22 වන දින සිදුවූ මෙම ඝාතනයේදී වසන්ත චතුරානි නම් වයස අවුරුදු 30 කාන්තාවක් මිය ගොස් ඇයගේ දරුවාද තුවාල ලබා ඇත.

මාරවිල පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?