මානින්ගමුවේ කාන්තාවකගේ අභිරහස් ඝාතනයට අයෙක් අත්අඩංගුවට

මහවෙල – මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව, මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් ඊයේ (28) මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක තිබී ඝාතනයට ලක්වූ 55 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ සිරුරක් පසුගිය 27 වනදා පොලිසිය විසින් සොයා ගත්තා.

එම සිරුර සොයාගන්නා අවස්ථාවේ එහි හිසේ කැපුම් පහරක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම කාන්තාව සිය සහෝදරයාගේ නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය එම නිවස අසළ පොල් ඉඩමක් බලා ගෙන ඇති බවටයි හෙළිව ඇත්තේ.

පසුගිය 26 වනදා හවස පොළොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා එම වත්තට ගොස් සිටිය දී මෙම අපරාධය සිදුවී ඇතැයි මියගිය කාන්තාවගේ සහෝදරයෙක් පොලීසියට පවසා තිබෙනවා.

අදාළ කාන්තාව ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ ප්‍රදේශ ප්‍රදේශවාසීන් ඇය සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර, එහිදී පොල් ඉඩමේ අදාළ කාන්තාවගේ නිරුවත් මළ සිරුර තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (29) නාඋල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?