මානින්ගමුවේ කාන්තාවකගේ අභිරහස් ඝාතනයට අයෙක් අත්අඩංගුවට

මහවෙල – මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව, මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් ඊයේ (28) මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක තිබී ඝාතනයට ලක්වූ 55 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ සිරුරක් පසුගිය 27 වනදා පොලිසිය විසින් සොයා ගත්තා.

එම සිරුර සොයාගන්නා අවස්ථාවේ එහි හිසේ කැපුම් පහරක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම කාන්තාව සිය සහෝදරයාගේ නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය එම නිවස අසළ පොල් ඉඩමක් බලා ගෙන ඇති බවටයි හෙළිව ඇත්තේ.

පසුගිය 26 වනදා හවස පොළොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා එම වත්තට ගොස් සිටිය දී මෙම අපරාධය සිදුවී ඇතැයි මියගිය කාන්තාවගේ සහෝදරයෙක් පොලීසියට පවසා තිබෙනවා.

අදාළ කාන්තාව ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ ප්‍රදේශ ප්‍රදේශවාසීන් ඇය සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර, එහිදී පොල් ඉඩමේ අදාළ කාන්තාවගේ නිරුවත් මළ සිරුර තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (29) නාඋල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32