මහ කන්නයේ වී මිල දී ගන්න රජයෙන් ණය යෝජනා ක්‍රමයක් (වීඩියෝ)

මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට වී මිලදී ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණයි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළිම මේ දිනවල ආරම්භ වී තිබෙනවා.

සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම එහි දී ගොවීන්ගෙන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වුණා.

විශේෂයෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් ඉතා සුලු මුදලකට වී මිලදී ගන්නා බවට ගොවීන් චෝදනා කළා.

ඒ අනුව වී මලදී ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මගහැරවීමේ අරමුණින් ඔඩපණ නම් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනවා.

මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු වෙතින් මෙම ණය පහසුකම සපයා දෙනු ඇති.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් මේ හරහා ලබා දීමට නියමිතයි.

මෙහිදි ණය ආපසු ගෙවීමට දින 180ක කාලසීමාවක් හිමි වන අතර, 15%ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක්ම හා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබා දෙන බැවින් අදාළ ණය ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ 1%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණයි.

උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙක්ට්‍රික් ටොන් 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, ප්‍රමාණවත්
ගබඩා පහසුකම් ඇති ගබඩා හිමියෙකු හෝ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙකු සමඟ ඇති කර ගන්නා ලදවලංගු ගිවිසුමක් ඇති, වී තොග රැස්කරන්නන්, මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම ලබනවා.

මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ ගොවියාට නාඩු වී කිලෝවකට රුපියල් 105/-ක, සම්බා වී කිලෝවකට රුපියල් 120/-ක සහ කීරි සම්බා වී කිලෝවකට රුපියල් 130/-ක සහතික මිලක් ලබාදීම වෙනුවෙන් ණය ප්‍රදානය කිරිම මෙහි අපේක්ෂාවයි.




අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02