මහනුවර ජාත්‍යන්තර පාසලක වූ අනතුරකින් සිසුවෙක්ට දිවි අහිමි වෙයි

මහනුවර – වේවැල්පිටිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක, හිමිකරුවකුගේ මෝටර් රථයට යට වී එම පාසලේම දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් දෙදෙනෙක් මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර ලබන අතර ඉන් එක් සිසුවෙක්ගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයෙහි තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කළා.

මේ වන විට එම ජාත්‍යන්තර පාසලේ හිමිකරු, පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
11
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !