මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන් – හිටපු ජනපති මහින්දගෙන් සටහනක්

මෙරට සිටි ජනප්‍රියම ඇතෙකු වූ ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ වියෝව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය ෆේස්බුක් ගිණුම වෙත සටහනක් එක්කර තිබෙනවා.

ඇතෙකු යනු මෙරට ඉතිහාසය, ආගම, කලාව, ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයක් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්න්නේ.

අප රටේ ඉතිහාසය පුරාවට ඇතුන් නියෝජනය නොවූ තැනක් නොමැති බවත්, මහාවංශයේ පිටු අතර මෙම මහා ප්‍රාණියා දැකගත අකි අතර, සිරි දළදා මහා පෙරහැරේ, රාජාභිෂේකයේ, රණබිමේ ඇතා නොසිටි තැනක් නොමැති බවත් රාජ්‍යත්වය නියෝජනය කළ කඩොල් ඇතු ඉතිහාසය තුළ රජෙකුට සම වූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ සටහන පහතින්,