මර්වින් සිල්වාට එරෙහි අල්ලස් කොමිසමේ නඩුව කැඳවීමට දිනදෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවදියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයේ ඉල්ලා සිටියේ මෙම නඩුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කරන ලෙසයි.

ඒ, අනුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙසත් නියම කර තිබෙනවා.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?