ගෝලීය වශයෙන් Microsoftවල සිදුව ඇති බිඳවැටීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා.
සම්බන්ධතා ගැටලුවක් හේතුවෙන් ඊයේ සිට ටීම්ස් සහ අවුට්ලුක් ඇතුළු Microsoft සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති අතර මෙම තත්ත්වය රටවල් 74ක පරිශීලකයින් දස දහස් ගණනකට බලපා ඇති බවට වාර්තාවුණා.
ඒ අතර Microsoftවල ඇති වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල විද්‍යුත් තැපැල් සේවාවන් වෙතට බාධා එල්ල වී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරනවා.
අද (13) පෙරවරුවේ සිට ගුවන් සේවා අධිකාරියේ නිල විද්‍යුත් තැපැල් සේවාවන්හී තාවකාලික බාධාවන් මතුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරනවා.
මේ හේතුවෙන් මෙම කාලසීමාව තුළ ගුවන්සේවා ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන්, රාජ්‍ය ආයතන සහ මහජනතාව වෙත හදිසි විමසීම් හෝ නිල කටයුතු සඳහා අදාළ CAASL නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක හෝ නිල ස්ථාවර දුරකථන අංක ඔස්සේ සම්බන්ධවන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
කෙසේ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් අධිකාරියේ මෙහෙයුම් කටයුතු සහ සේවාවන්ට කිසිදු බාධාවක් සිදු නොවන අතර ඒවා අඛණ්ඩව පවත්වාගෙන යන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය නිවේදනය මගින් සඳහන් කරනවා.
කෙසේ වෙතත් නිල විද්‍යුත් තැපැල් සේවාවන් යථා තත්ත්වයට පත්වූ වහාම ඒ පිළිබඳව වැඩිදුර දැනුම්දෙන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඒ අතරම තම සේවාවන් වල සිදුවු බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව ද මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, බිඳ වැටුණු සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලොව පුරා මිලියන 430 කට අධික පිරිසක් මේ වනවිට මයික්‍රොසොෆ්ට් යෙදුම් භාවිතා කරනු ලබනවා.
