AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීවරු පිරිසක් මහ පාර මැද ගුටි කෙළියක

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රු මිලියන 20 වියදමින් ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබුණි.

සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය. දෙපාර්ශවයේ ඇති වු උණුසුම් තත්ත්වය ගුටිබැට හුවමාරුව පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුවද අවස්තා කිහිපයකදි යලිත් ගුටිබැට හුවමාරුව ඇති විය.

ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර,ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ඇත.

ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජිව මහතා පවසන්නේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිමට තමන් විරුද්ධ නොවන බවත්, ඒ සදහා සුදුසු ස්ථානය ජයතිලක ක්‍රිඩාංගණය නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා කියා සිටින්නේ ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි කරන ඇවිදින මංතිරුවේ ඉදි කිරිම් කටයුතු නගර කිරිමට හිටපු සභාපතිවරයා සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් සහ ඔහුන්ගේ ආධාරකරුවන් කටයුතු කරමින් සිටින බවයි.

දෙපාර්ශවයේ ගැටුම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31
Video thumbnail
අපි ජනාධිපතිගේ කකුල් දෙකෙන් අදින්න ඡන්දෙ ඉල්ලනවා නෙවෙයි#anurakumaradissanayake #sjb
01:52

?