මන්ත්‍රීවරු පිරිසක් මහ පාර මැද ගුටි කෙළියක

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රු මිලියන 20 වියදමින් ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබුණි.

සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය. දෙපාර්ශවයේ ඇති වු උණුසුම් තත්ත්වය ගුටිබැට හුවමාරුව පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුවද අවස්තා කිහිපයකදි යලිත් ගුටිබැට හුවමාරුව ඇති විය.

ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර,ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ඇත.

ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජිව මහතා පවසන්නේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිමට තමන් විරුද්ධ නොවන බවත්, ඒ සදහා සුදුසු ස්ථානය ජයතිලක ක්‍රිඩාංගණය නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා කියා සිටින්නේ ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි කරන ඇවිදින මංතිරුවේ ඉදි කිරිම් කටයුතු නගර කිරිමට හිටපු සභාපතිවරයා සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් සහ ඔහුන්ගේ ආධාරකරුවන් කටයුතු කරමින් සිටින බවයි.

දෙපාර්ශවයේ ගැටුම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

  1. ඕකුන් ඇන කොටාගෙන මැරිලා යන්න ඕනා උම්බෑ කියන වහල්ලු තමයි ඔය ..මේ වගේ කිනිතුල්ලෝ නිසා තමයි අරවගේ හරක් ටිකක් පාර්ලිමේන්තුවේ ඉදන් අහින්සක දුප්පත් මිනිහගේන් කකා උම්බෑ කියන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14