මන්ත්‍රී රෝහිනී කවිරත්නට ඇමති සුසිල් මැතිසබයේ දී පරුෂ වචනයෙන් බැන වදියි (වීඩියෝ)

පාර්ලිමේන්තු සභාවාරය අද (24) පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එහිදී ඊයේ (23) දින භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකළ කළහාකාරී හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත් පැහැදිලි කිරීමක් සිදුකළ අතර, ඉන් අනතුරුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වා සිටියා.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, එහිදී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරියට පරුෂ වචනයෙන් බැන වදින අයුරු පාර්ලිමේන්තු සභාවේ සජීවී දර්ශනවල ඇති හඬපටවල පටිගතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
6
කුජීතයි !
8
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?