මන්ත්‍රී අර්චුනාගේ රිය අනතුර සම්බන්ධ නඩුව කල් යයි

බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථය අනතුරට පත් කර, පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට පවරා ඇති නඩුවෙහි විත්තියේ සාක්ෂි විභාගය නොවැම්බර් 10 වන දිනට කැඳවිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද ( 17) දින නියම කළා.

ලසන්ත අබේවර්ධන නමැත්තකු ඉකුත් 2021 මාර්තු 02 වැනිදා බේස්ලයින් මාර්ගයේ මෝටර් රථය පදවමින් සිටියදී එම රථය අනතුරට පත්කර පහර දීමේ සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අද (17) දින පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වු අතර විත්තියේ සාක්ෂි විභාගයට මෙලෙස දින නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26