AFC Banner
AFC Banner
Empty Ad

මඟුල දවසේ මනාලයා ව ප්‍රාණ ඇපයට ගත් මනාලියගේ ඥාතීන්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පැවති විවාහ මංගල්‍ය උත්සවයක දී මනාලියගේ පාර්ශ්වයේ පිරිස විසින් මනාලයා ව ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; මෙම පුද්ගලයා වරින් වර තරුණියන් රවටා විවාහ වන බවට පොරොන්දු වී, මුදල් විශාල වශයෙන් ගෙන පලා ගොස් ඇති බවයි.

මෙම මංගල උත්සවය පැවැත්වෙන දිනට පෙර දින රාත්‍රියේ දී මනාලයා අතුරුදන් ව ඇති බවට ප්‍රාන්ත පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණා.

කෙසේවෙතත් සැකකරු පැවසුවේ මනාලියගේ පාර්ශ්වයෙන් තමන්ට අභූත චෝදනා කරන බවත්; මංගල්‍යයට වියදම් වූ මුදල ගෙවන තෙක් තමන්ට නිදහස් වීමට ඔවුන් ඉඩ නොදෙන බවයි.

මනමාලයාට වෙනත් පෙම්වතියක් සිටින බව මනාලියගේ ඥාතීන්ට දැනගැනීමට ලැබී තිබෙනවා.

එබැවින් වහාම මනාලියගේ පාර්ශ්වය මැදිහත් වී විවාහ මංගල්‍යය අවස්ථාවේ දී ම එය නොපවත්වා නවත්වා තිබෙනවා.

ප්‍රාණ ඇපයට ගනිමින් මනාලයාව නිදහස් කිරීමට නම්; ඔහු විසින් මනාලියගේ පාර්ශ්වයෙන් ලබාගත් සියලු මුදල් හා දේපොළ යළිත් ලබා දිය යුතු බවටයි තර්ජනය කර ඇත්තේ.

මනාලියගේ පියා පැවසුවේ විවාහ දිනය නියම කර ඇත්තේ මාස 10කට පෙර බවයි.

සොහාන්ලාල් නමැති මනාලයා පැවසුවේ තමන් අතුරුදන් නොවූ බවත්; ලක්නව්වල රැඳී සිටි අවස්ථාවේ දී සිය ජංගම දූරකථනය ක්‍රියා විරහිත වී ඇති බවයි.

ඉන් අනතුරුව තමන්ට පොලිසියෙන් දූරකථන ඇමතුමක් ලබා දුන් බැවින් එහි පැමිණි බව ද හෙතෙම පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?