භාරතය පරදා ඕස්ට්‍ර්ලියාවට විශිෂ්ට ජයක්

සංචාරක ඉන්දියාව සහ ඕස්ට්‍ර්ලියාව අතර තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍ර්ලියාවට අද (08) හැකියාව ලැබුණා.

ඉන්දියාව පරදා ඕස්ට්‍ර්ලියාව මෙම තරගය ජයගත්තේ කඩුලු 10 කින්.

ඇඩිලේඩ් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 180ක් රැස් කළා.

ඉන්දීය පළමු ඉනිම සුනු විසුනු කළ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කඩුලු 06ක් බිඳ දැමුවා.

අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍ර්ලියාව ලකුණු 337ක් සිය ලකුණු පුවරුවට එක් කළ අතර, එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 140 රැස්කරමින් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

එහිදී ජස්ප්‍රිත් බුම්රා සහ මොහොමඩ් සිරාජ් කඩුලු 04 බැගින් බිඳ දැමුවා.

අනතුරුව ඕස්ට්‍ර්ලියා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පසු පසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දියාව දෙවන ඉනිම සඳහා ඔවුන්ට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

ඉන්දීය දෙවන ඉනිම කඩා බිද දැමු නායක පැට් කමින්ස් කඩුලු 05ක් සහ ස්කොට් බෝලන්ඩ් කඩුලු 03ක් බිද දැමුවා.

ඒ, අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍ර්ලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 19ක්.

එම ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසුකර ගිය ඕස්ට්‍ර්ලියාව මෙම තරගය ජයගෙන තරග පහකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස සම තත්තත්වයට රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37