සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මවට වෙඩිතැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.
Yamaha fz වර්ගයේ යතුරුපැදියක් රතු සහ කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමඟ ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහළ, පොල්වත්ත ප්රදේශයේ බෝක්කුවක් අසලින් තේ ඉඩමකට දමාගොස් තිබිය දී අද (13) උදෑසන සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ (12) පස්වරුවේ මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්රදේශයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව, මිද්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකරන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.













