බැංකුවේ සල්ලිවලින් සල්ලි හොයන්න හැදූ කඩුවෙල බැංකුවක ප්‍රධාන මුදල් අයකැමි අත්අඩංගුවට

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කඩුවෙල ශාඛාවේ අයකැමිවරයෙකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් දෛනික පොළී ලබාගැනීමේ අරමුණින් විවිධ ගිණුම් සඳහා බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ මුදල් අයකැමිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුට පෙරේදා (28) දින වට්ස්ඇප් හරහා තරුණියක් ලබාගත් ඇමතුමකට අනුව, තමන් තැන්පත් කරන මුදලට දෛනිකව 10%ක පොළී මුදලක් ලබගත හැකි බව ඔහුට පවසා තිබෙනවා.

ඒ, අනුව සැකකාර මුදල් අයකැමිවරයා විසින් එදින රුපියල් තිස්දහසකක මුදලක් එම තරුණිය ලබාදුන් ගිණුමකට ගිණුම් ගත කර ඇති අතර, එලෙස ගිණුම් ගතකර පැය කිහිපයක් ඇතුළත රුපියල් තිස්තුන් දහසක මුදලක් සැකකරුට ලැබී ඇති බවයි හෙළිව ඇත්තේ.

ඒ, අනුව ඊයේ (29) දිනයේ ද සැකකරු එම බැංකුවේ තිබූ දහතුන් කෝටි පනස් එක් ලක්ෂයකට වැඩි මුදලක් දුරකථන ඇමතම් ලබාදුන් තරුණිය විසින් ලබාදෙන ගිණුම් සඳහා බැරකර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස ලබාදුන් බැංකු ගිණුම් අතර පෞද්ගලික බැංකුවල ගිණුම් ජාතික ඉතිරි කිරීම බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවල ගිණුම් අංක ද ඇතුළත් වනවා.

සැකකරු විසින් රුපියල් ලක්ෂ තිහ හතළිහ පනහ කෝටිය කෝටි දෙක වශයෙන් අදාළ ගිණුම්වලට වරින් වර බැර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු අදාළ බැංකු ශාඛාවේ ප්‍රධාන අයකැමි බැවින් ඔහුගේ බලය උපයෝගී කරගෙන බැංකුව සතු ගිණුම්වලින් මෙලෙස මුදල් ගිණුම් ගත කර ඇති බව ද පොලිසිය පවසනවා.

එලෙස දුරකථන ඇමතුම ලබාදුන් තරුණිය ලබා දෙන ගිණුම් සඳහා මුදල් දැර කරන අතර, බැංකුවේ මුදලින් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමට ද ගිණුම් ගත කරවාගෙන ජංගම දුරකථන මෘදුකාංගය ඔස්සේ එම මුදල ද නොයෙක් ගිණුම්වලට බැරකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අතුරුගිරිය, ඔරුවල, සඳසිරිපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු අදාළ බැංකුවේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෙකු වන බවත්, සැකකරුගේ බිරිඳ ද අදාළ බැංකුවේම වෙනත් ශාඛාවක රාජකාරී කරන බවත් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වූ දින දිනය අවසානයේදී බැංකුවේ මුදල් තුලනය කිරීමට යාමේදී විශාල හිඟ මුදලක් පවතින බවට සිදුවූ අනාවරණය මත එම බැංකු ශාඛාවේ කළමනාකරු විසින් කඩුවෙල පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ පිළිබඳව අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී විවිධ ගිණුම් සඳහා මුදල් බැර කරන ලද ලදුපත් පහළොවකට ආසන්න ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී හමු වූ බවද පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42