AFC Banner
AFC Banner
Empty Ad

බාල වයස්කාර දැරියක් කෙළසූ නරුමයා 16 වසරකට සිපිරිගෙට

සිය නිවස අසල පදිංචි වයස අවුරුදු 16කට අඩු බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවෙකුට අද (10) බරපතළ වැඩ සහිත ව වසර 16ක සිර දඬුවම් නියම වුණා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ 56 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය නිකුත් කළ බවයි.

කොළඹ තදාසන්න ප්‍රදේශයේ දී මීට වසර 11කට පමණ පෙර සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අදාළ සැකකරුට විරුද්ධ ව අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

පසුව මෙම සැකකරු අද දිනයේ දී සිය අධි චෝදනා පත්‍රයේ චෝදනා අංක 01 හා 05 යටතේ වරදකරු කර ඇති අතර ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 20000ක දඩයක් සහ වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග කළා.

එමෙන්ම එම වන්දිය නො ගෙවන්නේ නම් පෙර කී වසර 16ක සිර දඬුවමට අමතර ව තවත් අමතර වසර දෙකක සිර දඬුවම් ද, දඩය නො ගෙවන්නේ නම්; වසරක ලිහිල් සිර දඬුවම් ලබාදීමටත් විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?