බාල වයස්කාර දැරියක් කෙළසූ නරුමයා 16 වසරකට සිපිරිගෙට

සිය නිවස අසල පදිංචි වයස අවුරුදු 16කට අඩු බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවෙකුට අද (10) බරපතළ වැඩ සහිත ව වසර 16ක සිර දඬුවම් නියම වුණා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ 56 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය නිකුත් කළ බවයි.

කොළඹ තදාසන්න ප්‍රදේශයේ දී මීට වසර 11කට පමණ පෙර සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අදාළ සැකකරුට විරුද්ධ ව අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

පසුව මෙම සැකකරු අද දිනයේ දී සිය අධි චෝදනා පත්‍රයේ චෝදනා අංක 01 හා 05 යටතේ වරදකරු කර ඇති අතර ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 20000ක දඩයක් සහ වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග කළා.

එමෙන්ම එම වන්දිය නො ගෙවන්නේ නම් පෙර කී වසර 16ක සිර දඬුවමට අමතර ව තවත් අමතර වසර දෙකක සිර දඬුවම් ද, දඩය නො ගෙවන්නේ නම්; වසරක ලිහිල් සිර දඬුවම් ලබාදීමටත් විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12