අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය, හීනටිය ප්රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) දින දහවල් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණා.
එම වැටලීමේදී හෙරොයින් ග්රෑම් 102 මිලිග්රෑම් 630ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු අවුරුදු 27 ක් වන බලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
