බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ තදබදයක් – හිරේ යන පුද්ගලයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණයි – ඇමති හර්ෂණ

බන්ධනාගාරයට පුද්ගලයින් යොමුවීම අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ 08, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතන නගරෝදය ශ්‍රවණාගාරයේ පැවති 27 වන ජාතික සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින්.

බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් පහසුකම් සපයමින් සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් සිදු කරනු ලබන සේවය ප්‍රශංසනීය බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

අද වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් වී තිබෙන බව අමාත්‍යවරයා එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම වගකීමක් බව පැවසුවා.

දුප්පත්කම හේතුවෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩි වී ඇති බව සඳහන් කළ ඔහු, වත්මන් රජයේ අරමුණ රටේ සමාජ සාධාරණත්වය තුළින් ආර්ථික දියුණුව ඇති කිරීමෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව අඩු කිරීම බවයි සඳහන් කර සිටියේ.

බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පහසුකම් ඇති කිරීම අතිශයින්ම වැදගත් බව පේනවා දුන් ඔහු, නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමාන බවයි පැවසුවේ.

රජයක් ලෙස නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් සමානාත්මතාවය යුතු රටක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01