බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් අද උත්තර බඳී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) දින විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය සිකුරාදා දිනයේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායකවරයා පැවසුවේ ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බවයි.

ඊට අමතරව මෙම වාර්තාව සම්බන්ධයෙන්වන ඉදිරි කටයුතු සඳහා උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට ද නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම මෙම වාර්තාවේ පිටපත් සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් මහජනතාව වෙනුවෙන් පිටපත් නිකුත් කරන බව ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව එහි සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් පාර්ලිමේන්තුව විසින් ඊයේ (15) දිනයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?