බංග්ලාදේශයේ පවතින කම්කරු නොසන්සුන්තාව සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ඇඟලුම් සන්නාම කිහිපයක් එරටට ලබාදී තිබූ ඇණවුම් වෙනත් ආසියානු රටවලට මාරු කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, Zara, H&M, Marks & Spencer සහ Celio ඇතුළු සන්නාම මෙලෙස වෙනත් රටවලට යොමු කර ඇති ඇඟලුම් ඇණවුම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 254ක්.
නොවැම්බර් පළමුවැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ මාරු කර ඇති මෙම ඇණවුම්, බංග්ලාදේශයේ මාසික ඇණවුම් ප්‍රමාණයෙන් සියයට 10කට ආසන්නයි.
මෙම ඇණවුම්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට යොමු කර ඇති අතර, වියට්නාමය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව ද එහි ප්රතිලාභ ලබා තිබෙනවා
කම්කරු නොසන්සුන්තාව හේතුවෙන් කර්මාන්තශාලා මෙහෙයුම් අඩාල වී ඇති අතර, එමගින් සිදුවූ නිෂ්පාදන පාඩුව ඩොලර් මිලියන 400 ඉක්මවන බව බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා..
