පෞද්ගලික බස් රථ නිසා පාඩු පිට පාඩු ලබන හැටන් ඩිපෝව

ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ ප්‍රවාහන සේවය උල්ලංගණය කරමින් පෞද්ගලික බස් රථ ධාවනය කරවන නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායමක් අහිමි වන බව හැටන් ලංගම ඩිපොවේ නිළධාරින් පවසනවා.

ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරිමට නිකුත්කර ඇති කාලසටහන මෙලෙස දිගින් දිගටම උල්ලංගණය කරමින් මධ්‍යම පළාත් නුවරඑලිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය වීම නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායම් තත්වයක් අහිමි වී ඇති බව එම ඩිපොවේ කළමණකාරවරයා විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව ද දැනුම් දී තිබෙනවා.

හැටන් සහ නුවරඑලිය පෞද්ගලික බස් නැවතුම්පොළවල් වලින් නියමිත වේලාවට පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ
ද එම බස් රථ සිය ගමනාන්තය වෙත නියමිත වේලාවට ධාවනය නොකිරිම නිසා ඊට පිටුපසින් ලංගම බස් රථය ධාවනය කිරිම හමුවේ මෙම ආදායම් තත්වය පහළ බැස ඇති බවයි ඩිපොවේ කළමණකාරවරයා එම ලිපියේ සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උසස් නිළධාරියෙක් කියා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශවයම කැදවා හෙට (14) දින සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?