නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ(10) ආනමඩුව – පුරාණගම ප්‍රදේශට ගිය අවස්ථාවේ පහරදීමක් සිදුව ඇති අතර. එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 04දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සැකකරුවන් දෙදෙනෙකු කැටුව පරීක්ෂා කිරීමක් සදහා පොලිසිය පිටව යන අතරතුරයි මෙය සිදු වී ඇත්තේ.එහිදී එම ස්ථානයට පැමිණි පිරිසක් ඊට විරෝධය එල්ල කර එම පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් සහ මොට ආයුධයකින් පහරදීමක් සිදුකර තිබූ බව පොලීසිය පවසනවා.
පොලීසිය භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා ද එහිදී පලා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 04දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



