AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය ඊයේ රෑ බ්ලූමැන්ඩල් පොලිස් වසම පීරයි

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද යුක්තිය විශේෂ මෙහෙයුම ඊයේ දිනටත් අඛණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වුණා.

එහි තවත් එක් පියවරක් ලෙස ඊයේ (01) රාත්‍රියේ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ සිදුකර තිබෙනවා.

බ්ලූමැන්ඩල් පොලිස් වසමේ කිඹුලා ඇල, ඉබ්බාවත්ත, රේඩ් බානා වත්ත සහ දුම්රිය පටුමග ප්‍රදේශවල පිහිටි නිවාස විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් නිල සුනඛයෙක් ද යොදවා තිබූ බවයි වාර්තා වුණේ.

මෙහිදී හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 20ක්, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 06ක්, ගංජා ළඟ තබාගත් සැකකරුවන් 01 ක, සොරකමට සැකපිට පුද්ගලයින් 02 ක්, රථවාහන නඩු 02 ක්, බීමත් සැකකරුවන් 02ක් සමඟ මුළු සැකකරුවන් 33ක් මෙහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?