පොලිස් නිලධාරීන්ට තග දමා අතේ හයිය පෙන්නූ පස්දෙනා ම දින 14ක් කූඩුවට

පොලිස් රාජකාරීවලට බාධා සිදු කරමින්, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රී කාලයේ බේරුවල ධීවර වරාය ප්‍රදේශයේ දීයි මෙම පහරදීම සිදු වූයේ.

සැකකරුවන් ඊයේ රාත්‍රියේ දී ම අත්අඩංගුවට ගෙන අද (10) දහවල් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බවට සැකකරුවන් පස්දෙනාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ව පාලනය කිරීමට පොලිසිය අහසට ද වෙඩි තැබුවා.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් දී තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු ව ඇති අතර එය දුරදිග යාමෙන් පසු අදාළ සැකකරුවන් පොලිසියට පහර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන්ගේ පහරදීම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?