පොලිස් උපාය දූතිකාවටත් ජැක් ගහපු ජැක්සන් අත්අඩංගුවට

බස්රථ තුළ දී කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් මේ දිනවල පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.

පොලිසිය මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ බස් රථවලට පොලිස් උපාය දූතයින් සහ උපාය දූතිකාවන් යොදවමින්.

මෙලෙස යොදවා තිබූ පොලිස් උපාය දූතිකාවකට බස් රථයක් තුළ දී ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයෙක් පසුගිය දා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන අයෙක්වන අතර, නුවරඑළිය සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් තුළ දී සැකකරු විසින් පොලිස් උපාය දූතිකාවට මෙලෙස ලිංගික හිරිහැර සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දකවා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

පොදු ප්‍රවාහන සේවාවල දී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය විසින් මෙම මෙහෙයුම් පසුගිය දා ආරම්භ කළා.

දිවයින පුරා තවදුරටත් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
16
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?