spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් ඇමතිගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හලාවත, කොට්ටරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පසුගිය 18 වනදා අමාත්‍යාංශ කාර්යමණ්ඩල නිලධාරියෙකුට දුරකථන ඇමතුමක ගෙන අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කර ඇති බවටයි පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

එම පැමිණිල්ලට අනුව සැකකරු පසුගිය 19 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වර්ණකුලසූරිය නිලංග මනෝජ් ප්‍රනාන්දු නැමැති 37 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

මොහු මහජන ආරක්ෂක අමාත්‍ය සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් මීට පෙර ද පොලිස් නිලධාරීන්ට යම් යම් බලපෑම සිදුකර ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සැකකරු ඊයේ (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ඉරිදියේ දී සමථයක් සඳහා සූදානම් බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබෙනවා.

සිද්ධියම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?