AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පතිවරයා පත් කිරීමට එරෙහි පෙත්සම් දෙකක් සලකා බැලීමට දින දෙයි

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ප්‍රීති පද්මන් සුරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් අද (20) දින කැඳවනු ලැබුවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ට යළි නොතිසි යොමු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළ අධිකරණය අනතුරුව පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රේල් මස දෙවැනි දා කැඳවන ලෙස නියම කළා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?