ගොයම් කපන මැෂින් සඳහා ගෙවිමට සිදුවන වියදම වැඩිවීම හේතුවෙන් පොල්ගහවෙල ගොවීන් ත්‍රීරෝද රථ යොදාගෙන වී පෑගීමේ කටයුතු සිදු කරන බව අපට වාර්තා වුණා.
එම ගොවීන් වැඩි දුරටත් පවසා සිටියේ ගොයම් කපන මැෂින් සඳහා වී ලාස් එකකට රුපියල් 1250 ක් අය කරන බැවින් වී ලාස් 08 ක කුඹුරක වී කැපීම සඳහා රුපියල් 10,000 ක මුදලක් වැය කිරීමට සිදුවන බවත් එසේ කළහොත් එම මුදලට වී අස්වැන්නෙ වටිනාකමක් නොමැති නිසා මෙසේ ත්‍රිරෝද රථයක් යොදා ගෙන වී පෑගීම සිදු කිරීමට අදහස් කළ බවයි.
ත්‍රිරෝද රථයට රුපියල් 2000 පමණ මුදලක ඉන්ධන යෙදවීමෙන් මෙසේ වී පෑගීම සිදුකරන බව ගොවීන් වැඩි දුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1