පොදු මගී ප්‍රවාහන සේවා සඳහා නව මාර්ගෝපදේශ හා රෙගුලාසි

පොදු මගී ප්‍රවාහන සේවා සඳහා නව මාර්ගෝපදේශ සහ රෙගුලාසි කඩිනමින් හඳුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මෑතකදී සම්මත කරන ලද ජාතික ප්‍රවාහන කොමිෂන් සභා සංශෝධන පනත යටතේ මෙම පියවර ක්‍රියාත්මක කිරීමේ බලය එම කොමිෂන් සභාව වෙත පැවරී තිබෙනවා.

අන්තර් පළාත් මගී බස් රථ, පළාත් අභ්‍යන්තර බස් රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා අදාළ නව මාර්ගෝපදේශ හඳුන්වාදීමට නියමිතයි.

මෙහෙයුම් විධිමත් කිරීම සහ පොදු ප්‍රවාහන සේවාවන්වල සමස්ත කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

නව මාර්ගෝපදේශ සහ රෙගුලාසි නිල වශයෙන් රජයේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?