පෙම්වතිය පැහැරගෙන යමින් සිටි තරුණයා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම

ධර්මපුරම් වට්ටකච්චිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ටිපර් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා පෙරළී ඇළකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ටිපර් රථයේ ගමන් කළ තරුණයෙකු සහ කාන්තාවක් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා මියගොස් ඇත.

මියගොස් ඇත්තේ නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ, 17 හැවිරිදි පදිංචිකරුවේකි.

තරුණයෙකු තවත් පිරිසක් සමග පැමිණ සිය පෙම්වතිය පැහැරගෙන ටිපර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරු ඇතුළු කිහිපදෙනෙකු පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?