පුංචි ඡන්දය ගැන අධිකරණ තීන්දුව හෙට පාර්ලිමේන්තුවට

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඒ අනුව අදාළ තීරණය සම්බන්ධව පැවැත්වෙන විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට සූදානමින් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තීරණය පාර්ලිමේන්තුවේ දී සම්මත වුවහොත් ඊට පසු දින නාමයෝජනා යළි කැදවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනවා.

අවම දිනවල දී මැතිවරණය කැඳවනු ලැබුවහොත් ඡන්ද විමසීම අප්‍රේල් මස 11වන දා පැවැත්වීමට නියමිතයි.

එහෙත් මැතිරණය එදිනට පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු රැසක් පවතින බැවින් පළාත් පාලන මැතිවරණයට අදාළ ව ඡන්ද පත්‍රිකා වර්ග 340ක් මුද්‍රණය කළ යුතු අතර ඒ සඳහා අවම කාලය ප්‍රමාණවත් නොවෙනු ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 11 වන දින මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටලු මතුවනු ඇති.

මෙම තත්ත්වයන් මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම උපරිම දින ගණනක් යොදා ගැනීමට සිදුවනවා.

එසේ වුවහොත් මැතිවරණය පැවැත්වීම අප්‍රේල් 20ත් 30ත් අතර දිනක දී සිදු කිරීමට නියමිතයි.

ඒ, අනුව ඒ සඳහා සුදුසුම දිනය වනුයේ අප්‍රේල් මස 22 හෝ 25 වන දින වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25