AFC Banner
Empty Ad
Empty Ad

පිළිගත හැකි ආරක්ෂක ප්‍රතිපත්තියක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් පහදයි

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.

ඊයේ (02) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර රටේ ජාතික ආරක්ෂාව සඳහා වන ඉලක්ක සපුරා ගැනීමට පිළිගත හැකි යාන්ත්‍රණයක් සහිත ආරක්ෂක ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

විවිධ ආකාරයෙන් මතුවිය හැකි තර්ජන තක්සේරු කිරීම සඳහා ආරක්ෂාව සම්බන්ධ රටේ ප්‍රධාන සාධක පිළිබඳ නිරන්තර විශ්ලේෂණයන් සිදුකිරිම යෝග්‍ය බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?