පිහියකින් පහර දී බෙලිඅත්තේ පුද්ගල ඝාතනයක් (වීඩියෝ)

බෙලිඅත්ත, ගලගම ප්‍රදේශයේ පිහියකින් පහර දී ඊයේ (16) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගලගම, නැගෙනහිර වැවේහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩිමල් සහෝදරියගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කලක සිට පැවති පවුල් ආරවුලක් මුල්කරගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ මෙම තැනැත්තා මීට වසර 14 කට පමණ ඉහත දී සිය සහෝදරියගේ සැමියා ද මේ ආකාරයෙන්ම පිහිකින් පහර දී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
2
+1
4
+1
3
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?